Singer : Maya Damayanthi | Lyrics : Mala Vajira Perera | Music : Victor Wijayantha
දෑස වසා සිටියා ඔබේ රුව
ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ
ඇයිදෝ මට ඇසුණේ
දිවියට සැනසුම සෙනෙහස ගෙන දුන්
ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ
යුගයෙන් යුගයට භවයෙන් භවයට
ඔබ වෙනුවෙන් ජීවත් වූයේ
දෑස වසා සිටියා ..
බැඳි සෙනෙහස අමතක වීලා
නිබඳව ඔබ මට පිටු පෑවේ
හදවත රැඳි ආදරය නිසාමයි
කිසිදින මා තරහ නොවූයේ
දෑස වසා සිටියා ..
Singer : Maya Damayanthi
Lyrics : Mala Vajira Perera
Music : Victor Wijayantha
No comments:
Post a Comment