Pages

Pages

Ahan Inna Ahagena Inna


Singer : Mekala Gamage | Lyrics : Somalatha Herath Manike | Music : Ruwan Walpola

















අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා...

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සට සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා...

සිලි සිලියේ හමන සුළඟ කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගේමයි මටමයි....

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා...//

Singer : Mekala Gamage
Lyrics : Somalatha Herath Manike
Music : Ruwan Walpola


No comments:

Post a Comment