Pages

Pages

Mage Senehasa

Singer : Sunil Edirisinghe | Lyrics : Bandara K. Wijethunga | Rohana Weerasinghe
















මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව
මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබහට මා දකින්නට

මගේ අවසන් සුසුම පමණද
අවැසි ඔබහට මා දකින්නට
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව

වසර ගණනක යොදුන් ගනණක
මගක් දුර අප ගෙවා ඇත්තෙමු
තුරු වියන් යට කුසුම් පෙතිමත
දෑත් පටලා ඇවිද ඇත්තෙමු
එහෙත් සුහදිනි...
මගේ සෙනෙහස මෙතෙක් වේයැයි
මනින්නට ඔබ උගෙන නැත තව

මිළින කුසුමෙක මිළින සිහිනෙක
මගේ සිහියද සැඟවගත් කල
සිතනු මැන ඔබ ඔබට අවනත
සිතක් මේලොව මෙතෙක් ‍රැඳිබව
එහෙත් සුහදිනි....

මගේ සෙනෙහස ....

Singer : Sunil Edirisinghe
Lyrics : Bandara K. Wijethunga
Music : Rohana Weerasinghe


No comments:

Post a Comment