Pages

Pages

Man Handapu - Mihindu Herath


 


මං හඬපු හැමදාම නුබ හිටිය සනසන්න
දුක දැනෙන මතුදාට සනසන්න නුබ කොහෙද 
හිනැහෙන්න හිතුවාම සිහිවෙන්නෙ ඔය මුහුණ 
වාවන්න බැහැ තාම නිදිනෑනේ මුලු රෑම

පපුතුරුලේ නිදියාපු ඔබ ඉන්නේ දැන් කොහෙද
අපි දෙන්නා ගොඩනගපු පෙම්හීන අද නැද්ද
වෙන්වෙන්න හිතුවාට දුර ආවා වැඩි නැද්ද
හීනෙන් ඇවිත් යන්න ඔබ එන්නේ කවදාද //

මං හඬපු හැමදාම........

හිත ඇතුලේ කකියාපු දුක කීවේ නැහැ තාම 
බොද වෙච්ච පෙම්හීන සිහිවෙන්නේ ඇයි මෙහෙම 
ළං වෙන්න හැදුවාම හැරයන්න දුක නැද්ද
ආලෙන් වෙලී ඉන්න ඔබ එන්නේ කවදාද //

මං හඬපු හැමදාම.........

වාවන්න බැහැ තාම නිදිනෑනේ මුලු රෑම ///

Title : Man Handapu
Singer :  Mihindu Herath
Lyrics : Dilum Peiris
Music : Dilum & Sameera

No comments:

Post a Comment