Pages

Pages

Hitha Hadaganna Baa - Chamika Sirimanne


 


හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ
ඔබ ම‍‍ගෙ වෙන්නෙ නෑ
ඉතින් යළි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා ආදරේ හැර දමලා
මා සදා හඩනවා මාරුතේ දුක දරා
හිත හදාගන්න බෑ ඔබෙන් ලද දුක දරාගන්න බෑ

ආදරයවී ජීවිතයදී මාගේ ලග උන්නු වේලේ
කීව හැමදේ තාම සිහිවේ පාළු උනු ලෝකේ මාගේ
හීන කදුළින් තෙමා ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා දෑස ලග අද නෑ මාගේ
මා සදා හඩනවා මාරුතේ දුක දරා

හීන වියකී දෑත නොපෙනී කා‍ටදෝ ඔබව හිමිවී
මාව තනිවී දෑස බොදවී කාට පවසමිද මේ දේ
ජීවිතය පාවෙලා ආදරය නෑ කියා
මාව හැරදා සදා ඈත යනවද මේ යාමේ
මා සදා හඩනවා මාරුතේ දුක දරා

හිත හදාගන්න බෑ......

Title : Hitha Hadaganna Baa  
Singer : Chamika Sirimanne 
Lyrics : Sajith V Chathuranga 
Music : Kapil

No comments:

Post a Comment