Pages

Pages

Maha wassaka pera - W.D.Amaradewa


 


මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ
කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි 
තනිකම ඊට වැඩි ...
හිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපී තෙරපී අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳ හැටි මතකයි

මීවිතකින් ගත උණුසුම් වූවට 
සිත උණුසුම් වේදෝ...
එපා එපා මීවිත මගෙ දෙතොලට
එපා එපා මීවිත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා 
මා ආපසු යනවා ...

කබාය ඉරිලා....

Title : Maha wassaka pera
Singer : W.D.Amaradeva
Lyrics : 
Music : 

No comments:

Post a Comment