Pages

Pages

Pata podak Thilakala | Kasthuri Suwanda Film Song


 


පාට පොදක් තිලකලා නලල් තලාවේ 
කැලුම් වළලු නෙතින් අතුරලා 
මුතු සිනා සල සලා නැලවි නැළවියේ 
නිවන් මහද නීල වරලියේ... 
ආල හැඟුම් තපසලා යොවුන් හිනාවේ 
තුටින සලල රැඟුම් රඟ රඟා...
පෙම් කතා මල් පොටින් ලැමැද වසාලා 
නිමා නොහැක ආල කුමරුනේ... 

පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ 
මල් නුවරේ පෙම් සුවඳේ...
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී 
ඈත ඉරට හිනාවී රෑට මොනරු නටාවී
ආල වඩන ගීත සුරල් පා.. වේවී.. 
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා..
හෝ........

පාට පොදක් තිලකලා.........

ළමා ළපටි බොළඳ වදන් තෙපලන්නේ 
පුංචි වියේ අන්දරසේ.... 
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා 
සීත සිනා හෙලායා ආල සිතුම් සිතේයා 
සීතාවන් රුවන් ළඳුන් මා... ලා මා 
හොහෝ හෝ.. හහා හා..
හොහෝ හෝ.. හහා හා.. 
හෝ.......

පාට පොදක් තිලකලා.........

ගායනය : එච් ආර් ජෝතිපාල & ඇන්ජලීන් ගුණතිලක
පද රචනය : සෝමපාල ලීලානන්ද
සංගීතය : සරත් දසනායක
චිත්‍රපටය : කස්තුරි සුවඳ
අධ්‍යකෂනය : සේන සමරසිංහ
තිර ගතවු දිනය : 1974.03.08
රගපෑම් : ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ලයනල් දැරණියගල, බන්දු සමරසිංහ, ෆෙ‍්‍රඩී සිල්වා, 

No comments:

Post a Comment