Social Icons

Sinhala Lyrics

Pem Kawak Liyanawa Mama Aye - Kitsiri Jayasekara


 


පෙම් කවක් ලියනවා මම ආයේ
මල් ගහක් ගහක් ගානේ
ඔබ ටිකක් නතර වී බැලුවෝතින්
හමුවේවි සිත මාගේ...
හමුවේවි සිත මාගේ...
පෙම් කවක් ලියනවා......

අතු අගට මල් පළන්ඳා
මඟ බලනවදෝ මන්දා
මාවතේ සුවඳක් වෙලා
ඔබ ඈත එන හින්දා //

පෙම් කවක් ලියනවා..........

බඹරුන් කැකුලින් විමසූ
රහසක් කිසිවෙක් නොඇසූ
මා කවක් ලියා නැති නමකි ලියූ
ඒ ඔබේ හඬ මා සැනසූ //

පෙම් කවක් ලියනවා..........

Title : Pem Kawak Liyanawa Mama Aye 
Singer : Kitsiri Jayasekara
Lyrics : Swarna Gunawardena
Music : Rohana Weerasinghe

Post Comment

No comments: