Pages

Pages

Sudu Andumin | Mille Soya Film Song


 


සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ 
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින් 

ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල 
මගෙ සිත ඉවසුම් නෑ...
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ...

ගංතෙර ළග බට පඳුරෙහි 
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ

සුදු ඇඳුමින් සැරි ....
පාසල් යන ඔබ මාවෙත සිහිවන විට 
මට ඉවසුම් නෑ...
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ...

සුදු ඇඳුමින් සැරි.....

ගායනය : ජය ශ්‍රී
පද රචනය : R.රෝහිත
සංගීතය : ජය ශ්‍රී
චිත්‍රපටය : මිල්ලේ සොයා
අධ්‍යකෂනය : බෝදී කීර්තිසේන
තිර ගතවු දිනය : 2004.10.21
රගපෑම් : මහේන්ද්‍ර පෙරේරා,සංගීතා වීරරත්න 

No comments:

Post a Comment