Pages

Pages

Kawruth Ennathi Kawruth Dannathi - Gunadasa Kapuge



කවුරුත් එන්නැති කවුරුත් දන්නැති 
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු 
හිනැහී වැලපෙමු අපි ආයේ 

සඳකැන් බොදවුනු වලා කැදැල්ලේ 
තරුකැට අහුරක සිනා මෝදු කර
කඳුලින් ඉපදුනු ඉන්ද්‍රචාපයක 
උදා නොවන සිහිනයක් දකින්නට 
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු  
හිනැහී වැලපෙමු අපි ආයේ 

සියොළඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී 
උදා ලහිරු සේ මීදුම සඟවා 
නොකී රහස් දෙනයනට කියන්නට 
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු  
හිනැහී වැලපෙමු අපි ආයේ 

කවුරුත් එන්නැති........

Title : Kawruth Ennathi Kawruth Dannathi
Singer : Gunadasa Kapuge
Lyrics : Saman Athaudahetti
Music : H.M.Jayawardena

No comments:

Post a Comment