Pages

Pages

Sande Oba Aida Me Yame Ahasa Kara Nagune - Rookantha Gunatilleke


 


සඳේ.. ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ ..ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ

ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ

සඳේ .. ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ

සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයිකියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම 
අමතක කරන්න බෑ

සඳේ .......

Title : - Sande Oba Aida Me Yame Ahasa Kara Nagune  
Singer : Rookantha Gunathilaka
Lyrics : Rookantha Gunathilaka
Music : Rookantha Gunathilaka

No comments:

Post a Comment