Pages

Pages

Viyo Vu Pasuwai Danenne - Sunil Edirisinghe



වියෝ වූ පසුවයි දැනෙන්නේ 
ප්‍රේමයේ අභිමන්...
හැඬූදා කදුලයි දකින්නේ 
සිනාවේ සරදම්... //

ඉවුරු දෑලේ හිද බැලූ විට
ගඟ හැඩයි කදිමයි...
දියට වන් කල එවන් ගඟුලම 
බිහිසුණුයි චණ්ඬයි...

වියෝ වූ පසුවයි......

හඳක් නැති දා අහස් තලයට 
තරුව දෙයි සැනසුම්...
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්...

වියෝ වූ පසුවයි......

Title : Viyo Vu Pasuwai Danenne
Singer : Sunil Edirisinghe
Lyrics : Bandula Nanayakkarawasam
Music : Rohana Weerasinghe

No comments:

Post a Comment