Pages

Pages

Heta Udaa Novana niyaa (Raththaran Amma Film Song)



හෙට උදා නොවනා නියා 
ඔබගේ හිරු බැසලා ගියා 
පාළු කතරකි ජීවිතේ 
අන්ධකාරය මාවතේ 

දෙමං බිඳීලා පහන් නිවීලා මාරුතයක අප ඉන්නේ 
අව්වට වැස්සට පින්නට සෙවනට කොතැනද අප නවතින්නේ 
නැති බැරි වීලා අග හිඟ වීලා කාටද අත පා යන්නේ 
අහසයි පොළොවයි සුළගයි පමණයි ලංවී තනියට ඉන්නේ 

පාළු කතරකි ජීවිතේ අන්ධකාරය මාවතේ 
හෙට උදා නොවනා නියා ඔබගේ හිරු බැසලා ගියා 
කොයිබ යන්නද සා සොයා...

අතකින් බරකි හිසමත බරකි  හිත තුල තව උහුලනවා 
හද ගිනි ගනුනයි සිතුවිලි කැළඹෙයි  නොදැනිම නෙත පියවෙනවා 
ඔබ හිතු ඔබගේ සිහින විමානය  ගිනිගෙන දැන් ඇවිලෙනවා 
මාරක හෙනසර පහරකි වැදුනේ  පුදුමෙකි ඔබ ඉවසනවා 

පාළු කතරකි ජීවිතේ...

Title :  Heta Uda Nowenaa Niya
Singer : Latha Walpola
Music : P.L.A.Somapala
Movie : Raththaran Amma
Main Actors : Gamini Fonseka /Sriyani Amarasena

No comments:

Post a Comment