Pages

Pages

Awasara Natha Mata Obe Atha Gannata

Singer : Milton Mallawaarachchi | Lyrics : Premakeerthi de Alwis  | Music : Clarence Wijewardena















අවසර නැත මට ඔබේ අත ගන්නට
බැම් බැද ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදීම
මතු ඔබ හිමි කර ගනිමි ලඳේ

බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ නෙළුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ

අවසර නැත මට ඔබේ අත ගන්නට
බැම් බැද ඇත ලොව සතර දෙසේ
ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම මිස ඔබ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුළ ඉඩ නැතුව නොවේ

ගායනය :- මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය :- ප්රෙමකීර්ති ද අල්විස්
සංගීතය :- ක්ලැරන්ස් විජේරත්න

No comments:

Post a Comment