අද දීගෙක ගිය නුඔ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වු මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහෙදෝ තනිවිලා
නෙතේ කදුලු සිරකරගෙන සිටියෙමි ඉවසලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
මා සිටියත් ඉවසාගෙන නෙතේ කදුලු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩාහැලුනු කදුලු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඩුවෙමි තනිවීලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
අද දීගෙක ගිය නුඔ ....
Singer : Sunil Edirisinghe

No comments:
Post a Comment