Pages

Pages

Ajaneeya Scooter Thurga Pita Wadina

Singer : Karunarathna Divulgane



අජානීය ස්කූටර් තුර්ගා පිට වඩිනා
කුමාරියනි වාත වේගයෙන් ඉඟිලෙනු කොතැනා
බදා හිමි දෙඋර එසෙවි පුරවර සිරි බලනා
විලාශයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුනා //

සිවුසැට ශිල්පය උගෙනා භාරගතව කියනා
පාරේ වැඩට හවුල්වෙන්න උදෑල්ල මත යැපුනා
මා ගතඩා විදු හදුනා සදය සිනා නගනා
ප්‍රේමවන්ත විලවුන් ගෑ ලේන්සු පට සිඹිනා

අජානීය ස්කූටර් ....

සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් මැකෙනා
කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා

අජානීය ස්කූටර් ....

Singer :- Karunarathne Diwulgane