Pages

Pages

Mage Hada Madala Mal Yahanaki

Singer : Gunadasa Kapuge


මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී

සිනා සිසී දෝතින් යහන තැනු ලීයේ
මුවාවට ගොසින් ඉකිබිද හැඩුව ලීයේ
මටම නොවයි කාටත් පෙම් බැන්ද ලීයේ
මදෙස බල බලා නාඩන් කුමාරියේ

මගෙ හද මඩල.....

පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇදුණු ලීයේ
මල්වර සුවඳ ඇදී වරලස ඉනුව ලීයේ
පවලම් පොටෙන් ගිලිහුණු තාරකාවියේ
කරපු පවට නාඩන් දෙවතාවියේ

මගෙ හද මඩල.....

Singer : Gunadasa Kapuge

No comments:

Post a Comment