සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලු කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වාරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදු මව්නි පියතුමණි කරුණාව පාලා
මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුළ එකසේ දරා මං
සැනසී සිටින්නෙමිද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
සුනිල්වන් නුවන්......
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඇගෙ පිලිසරන මතු වාසනාවන්
මගෙ ජිවනේ ගියෙ ඇගෙ හඩ නොවේ නම්
හද වේනෙහි සත් සර සදා ගොළු උණාදෙන්
සුනිල්වන් නුවන්.....