දුර ඈත අතීතයෙ
ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මඟ ආයෙත් එන්නට
අප පෙම බිඳුණු තැනින්...
ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා
නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකය හදවත පතුලෙ රැඳී...
දුර ඈත අතීතයෙ.....
බොළඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ සැරිසරමු අපී...
දුර ඈත අතීතයෙ....
Singer : Chandrasena Hettiarachchi
Lyrics : Hesala Gunathilaka
Music : Chandrasena Hettiarachchi

No comments:
Post a Comment