ගී ලියන්න මට කීවෙ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි //
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
හිතැඟි කලඹ කැටයම් කල
නීල පලිඟු ගොළු කැඩපත //
හද බිතු තල සිතුවම් කල
රූ දොඩමළු මුව රඟහල
ගී ලියන්න......
තුරුණු බඹර ආයාචන
අබියස පත්තිනි කෝවිල //
මගේ පෙමින් කුළුගැන්වුන
ගී බුබුලණ ගීත බුබුල
ගී ලියන්න.........
Title : Gee Liyanna Mata Kiwe Obe Nethayi
Singer : Dayaratna Ranathunga
Lyrics :
Gamini Lelwala
Music :
Dayaratna Ranathunga
No comments:
Post a Comment