සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
හඬා වැටෙනවා මියෑසි කැළක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්...//
වැහි කළුවර ඇති සැන්දෑ සමයක
තරුමල් පිපුණලු අහස් ගැබේ
දේවදූතයොත් හඬා වැටෙනවා
පෙම්මල් ඉහිරුණු පාර දිගේ...
සෙනෙහස ඉල්ලා......
යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
කළියුගයේ ඇත පහළවෙලා
අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව
පවිත්‍ර ප්‍රේමය මහලු වෙලා...
සෙනෙහස ඉල්ලා......//