මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින් //
මටත් හොරෙන්...
බලාගත් වනම බලා හිඳින්නෙමි
සිතා ගන්න බෑ කල යුතු දේ //
දරා ගන්න බෑ මේ රුදු පාලුව
කෙසේද මා තව ඉවසන්නේ
කෙසේද මා තව ඉවසන්නේ
මටත් හොරෙන්......
ඔබේ රුවම නිති පතා සිතන්නෙමි
සොයා දෙනෙත ගැටෙනා දසුනේ //
ගෙවා ගන්න බෑ කාළය මේ ලෙස
කෙසේද මා තව ඉවසන්නේ
කෙසේද මා තව ඉවසන්නේ
මටත් හොරෙන්......
Title : Matath Horen Mage Sithin
Singer : Rohana Siriwardena
Lyrics :
Music :
No comments:
Post a Comment