දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුණේ //
අත්වැල් බැදගෙන මං මාවත් දිග
ඔහේ අවිද ගිය කාලය මතකද //
පුංචි ළදැරියක් වගේ සුරතලින්
ඔබ හිනැහුන ඒ කාලය මතකද
දුරස් වන්නට.....
අනාගතය ගැන අහස් මාලිගා
අප දෙන්නා මැව් කාලය මතකද //
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ළගින් උන් කාලය මතකද
දුරස් වන්නට.....
Title : Duras Wannata Me Lesin Aeyida Apa Hamu Une
Singer : Dayarathna Ranathunga
Lyrics : Ajantha Ranasinghe
Music : Dayarathna Ranathunga
No comments:
Post a Comment