ගෙවුනු අතීතය මතකෙට එන්නට
කටයුතු කරන්නෙපා
මිහිරි වඳන් හෝ දුක් දෙන කඳුළක්
මින් පසු ඔබෙන් එපා
දැවුනු තරම් සිත හැඬුවා අනන්තයි
පෙම් කළ ඔබම නිසා
දැනුන තරම් ඔබ මගේ කියා
ඔබ හට නෑ දැනුනේ //
සිතුන තරම් අපි ඉඳිමු කියා
එක වහළක සෙවනේ
මිහිරි වඳන් පෙම් හසුන් ලියා
ඔබමයි මට දුන්නේ //
ඒ පෙම් හසුනට හඬමි කියා
ඔබ මට නෑ ලැබුනේ
ගෙවුනු අතීතය ...
Title : Geunu Athithaya Mathaketa
Singer : Roshan Fernando
Lyrics :
Music :
No comments:
Post a Comment