Social Icons

Sinhala Lyrics

Mage Heenaye - Udaya Sri


 


මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ

මගෙ හීනයෙ.....

නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ

මගෙ හීනයෙ.....

Title : Mage Heenaye 
Singer : Udaya Sri
Lyrics : Hary Creations
Music : Hary Creations

Post Comment

No comments: