රෝස කුසුමක් පිපි නොවිඳි සුවඳක් දැනේ 
නොලද සුවයක් සදා පුබුදුවා 
සුවහසක් පැතුමන් 
රෝස කුසුමක් පිපි
මා අවදි කර යහනින් 
ඔබ එබී හිනැහී කවුළුවෙන් ..//
කියා රහසක් සැලෙන දෙතොලින් 
නොනැගේනා වදනින් 
නොහැගේනා අරුතින් 
රෝස කුසුමක් පිපි.....
ඔබේ සුවඳ ලද මොහොතින් 
සිත වෙලා සිටි ඒආදරෙන් ..//
මගේ තනිකම හඬයි ඉකි බිඳ
දෙපා මුල හැපෙමින් වසා මුව දෝතින්
රෝස කුසුමක් පිපි.....
Title : Rosa Kusumak Pipi  
Singer : Sunil Edirisinghe
Lyrics : Kumaradasa Saputhanthri
Music : Rohana Weerasinghe 

No comments:
Post a Comment