විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ...
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...//
එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා...
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ...//
පුරාගෙන පිරූ හිතේ විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස් බලන් යලි සොදුරේ
මැදුරු දොර දිහා...
දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා...
දෑත පා ඉඳුල් යදී ඇස් ගයා හංස ගීතිකා...//
ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා දෙපා සමු නොදී
Title : Viduli Mini Pahan Daevii
Singer : Gunadasa Kapuge
Lyrics : Lucien Bulathsinhala
Music : Gunadasa Kapuge
No comments:
Post a Comment