ආදර වියෝ දුකින් මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ
ඒ සොඳුරු විජිතේ ඈ සිහින කුමරී
මා හා බැඳීලා දිවි මං තලේ
ඒ දවස මා හා නෑ දැන් රැඳීලා
මා ඉන්නෙ තනිවී රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ
රණ හංසියේ මගේ රණ හංසියේ
ඒ නීල දෑසේ සෙනෙහේ සිනා රැල්
මා සනසවාලයි සිහිනෙන් පවා
ඒ වේදනාවන් මා හදවතට මෙන්
ඔබටත් දැනේදෝ රණ හංසියේ
ආදර වියෝ දුකින්.......
Title : Adara Viyo Dukin Ma Gayana Me Gee
Singer : Vijaya Bandara Welithuduwa
Lyrics :
Music :
No comments:
Post a Comment