මතකයන් හිත අස්සේ රිදුමන් දිදි
ඔබ ගැනම රැ තිස්සේ සීතුවම් අදී
පෙම් කරපු මේ හිතට දඩුවම් දිදී
හිනැහෙන්නේ කෙලෙසින්ද සිත නොම දනී
දෙනුවන් අගිස්සේ කඳුළැල් හිදී
සිතුවිලි හඬන්නේ හුස්මේ වෙලී
වෙන කාට හෝ දැන්නම් හිමි වී ඇතී
ඔබේ ආදරේ ඇයි මට අහිමි වී
රෑ තුන්යමේ හඬලා හිත ගිලන් වී
වහන් වී ලොවෙන් හැඬුවත් දෙඇස රතුවී
අසරණ කමක් මිස වෙන කිසිවක් නැතී
මගෙ හිනයෙන් නික්මී ඔබ දුර වැඩී
මතකයන් හිත අස්සේ.......
Title : Mathakayan
Singer : Kasun Chamikara
Lyrics : Ann Surani Gunarathne
Music : Shalinda Fernando

No comments:
Post a Comment