සිතින් මා නො සැලී හිඳිද්දී
කඳුළ නුඹ අවුදින්...
නිමා දැමු ඒ සිතේ පීඩා
නොබිඳිනූ මැනවී...
තනිව මා ගයනා වෙලාවේ
සැලි සැලී සිතේ...
වැටුණ මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ...
සිතින් මා.......
තවම මා නුදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ...
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ...
සිතින් මා.......
No comments:
Post a Comment