රන්වන් වත බැබලෙන්නේ
මල් මල් මදහස දෙන්නේ
නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්නේ
ඔබේ හඬින් ලිහිණි ගිරා කොබෙයි හඬන්නේ //
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ජීවත්වී ඉන්නේ...
රන්වන් වත........
මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ //
ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
මා එතනයි ඒ බැවු දැන ඉන්නේ...
රන්වන් වත........
Title : Ran Wan Watha Babalanne
Singer : M.S.Fernando
Lyrics : Karunaratne Abeysekera
Music : S.Shanmugam
No comments:
Post a Comment