Social Icons

Sinhala Lyrics

Kandulu Binduwak - Ruwan Hettiarahchi



කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා
පෙනෙන නොපෙනෙන මතක අතරේ
හිතට හුරු නැති තනිකමක් දැනුණා
තනිකමක් දැනුණා

සිහින ගිළිහී දෙපාමුල වැටුණා
ඔයා නොකියම දුර ගිහින් තිබුණා
බිදී මිය ගිය පැතුම් අභියස 
දරන්නට බැරි තරම් දුක හිතුණා
තරම් දුක හිතුණා....

කදුළු බිදුවක්.......

සුවද අහිමියි කියා හිත ඇඩුවා
ආයෙමත්  ඔබ එතැයි කියා මට සිතුණා
බිදී මිය ගිය පැතුම් අභියස 
ආදරේ නැති අඩුව මට දැනුණා
අඩුව මට දැනුණා....

කදුළු බිදුවක්.......

Title : Kandulu Binduwak
Singer : Ruwan Hettiarahchi
Lyrics : Prasangi Wijewardana
Music : Radeesh Vandabona

Post Comment

No comments: