Social Icons

Sinhala Lyrics

Sudu Andumin

Singer : Jaya Sri | Lyrics : Jaya Sri | Music : Jaya Sri















සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනිවෙන විට මා සමගින්


ඉඟිකර අදි මදි කරමින්
තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ


රන් තරු වටකර පායන සඳ ඇදි
සෙවනැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
මගෙ සිත ඉවසුම් නෑ...
කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
කුමරිය ඔබ අද මා ලඟ නෑ...


ගංතෙර ළග බට පඳුරෙහි
සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ


සුදු ඇඳුමින් සැරි ....
පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
මට ඉවසුම් නෑ...
මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
කුමරිය ඔබ අද මා ලඟ නෑ...


සුදු ඇඳුමින් සැරි.....

Singer :- JayaSri
Lyrics :- JayaSri
Music :- JayaSri

Post Comment

No comments: