Social Icons

Sinhala Lyrics

Mama Enne Dubai Rate Indala - M.S.Fernando


 


මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා
හම්බ කරපු සල්ලි මා ලගයි
හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා
හම්බ කරපු සල්ලි මා ලගයි
මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව 
හිතේ අමාරුවෙන් හිටියේ මං

එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ
අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ //
දැන්නම් බලනවා දුක සැප අහනවා
මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනවා

මම එනතුරු සිවු වසරක් හිටියලු
මට ජය ලැබෙන්නට ආසිරි පැතුවලු //
පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
අහක බැලුවේ ඇයි දුක හිතෙනවාලු

මංගල යෝජනා දවසට දෙකතුන
නැන්දලා මාමලා ආවද කොපමන //
අඩම්බරකම් කුමටද පෙම්බර
එහෙනම් මගේ හිත එරන්දතී වෙත

මම එන්නේ ඩුබායි....

Title : Mama Enne Dubai Rate Indala
Singer : M.S.Fernando
Lyrics : M.S.Fernando
Music : M.S.Fernando

Post Comment

No comments: