Social Icons

Sinhala Lyrics

Mal Pipila Eda Wagema Balanna Menike

Singer : Sunil Edirisinghe  | Lyrics : Ravi Siriwardana  | Music : Rohana Weerasinghe
      
      
මල් පිපිලා එදා වගෙම
බලන්න මැණිකේ
බඹරු ඇදෙනවා සුවඳට
සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු
කියන්න මැණිකේ...

එදා අපට පෙම්වත් සඳ
 අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇළ දොළ
පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග
මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි...

මල් පිපිලා....

කෝඩුකාර පෙම්බස් දැන්
ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරුමල් වල
රේණු ගණින්ටයි
එදා අපෙ හීන මාලිඟ
මෙදා උන් තනා ගත් සඳ
කඩා නොලන්ටයි...

මල් පිපිලා....

Singer : Sunil Edirisinghe 
Lyrics : Ravi Siriwardana   
Music : Rohana Weerasinghe

Post Comment

No comments: