මල් පොකුරු පොකුරු ඇය එන මඟ
ඈ දෙසටම නැමීයන්
මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
මල් පොකුරට ලැබීයන්..//
නිල්ල නිලන ගහකොළ මත පින්න පිපීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා
පින්න පිපීලා ඈ ළඟ රංචු ගැසීලා
ඇගෙ පුංචි ටිකිරි පා වටකොට රංචු ගැසීලා
මල් පොකුරු පොකුරු.....
සින්දු කියන බමරු විලස ළංව නැමීලා
අයැදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
ළංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
අයැදින්න හිතයි ආදරයක් දෙන්න කියාලා
මල් පොකුරු පොකුරු.....
Singer : Victor Rathnayake
Lyrics : Ajantha Ranasinghe
Music : Stanley peiris

No comments:
Post a Comment