සොවින් බර නුවන් විදාලා
තැවුල් පැවසුවා හඬාලා
යොවුන් ආදරේ අපේ
ගියේ ඇයි මෙසේ බිඳීලා...//
හඳේ ජනිත වු අමාවන්
සැබැ ආදරේ අපේ
මුසාවන් නිසා අනුන්ගේ බිඳීලා ගියා
අහංකාර වු සිනාවෙන්
අපේ ආදරේ දවාලු
ලොවේ චෝදනා නිසා
මැවෙයි වේදනා....
සදාතනික වු හැඟීමෙන්
මගේ ජීවිතේ පුරා
යාවුනා කියා සිතු මුත් ඔබේ ආදරේ
කඳුළින් කොපුල් තෙමාලු
මගේ ආදරේ මකාලු
ඔබේ චේතනා නිසා සිතේ වේදනා....
සොවින් බර ......
Singer :- T.M.Jayarathna
Lyrics :- Hemasiri Halpita
Music :- Clarence Wijewardane

No comments:
Post a Comment