Social Icons

Sinhala Lyrics

Thumula Namunukula

Singer : Saman Jayanath Jinadasa | Lyrics : Sudath Gamini Bandara | Music :  Ananda Perera

















තුමුල නමුණුකුල ගිරිහිස උදුල සඳ මඬළ
දු‍ටු නෙත ‍ රැව‍ටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින්
කඳුළු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා...

නුඹෙ වත මඬළ සඟවා මුවාවෙන ලෙසින් අතුරන
සීත පිණි නිසා තිලකය පාළු වෙයි උමා...
සීත මීදුමේ තිරපට වළලු ලූ අතින් ඉවතට
ඈත් කර හොරෙන් හිමිහිට බලාපන් උමා...

තුමුල නමුණුකුල ....

කන්ද උඩ රනින් දිදුලන කන්ද කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතනවද උමා..
අප වටා නැගෙන උවදුරු
ඈත් වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක්  ඉතිරිවේද උමා...

තුමුල නමුණුකුල ...//

Singer : Saman Jayanath Jinadasa
Lyrics : Sudath Gamini Bandara
Music : Ananda Perera

Post Comment

No comments: