Social Icons

Sinhala Lyrics

Waluka Thale Randi Diya Binduwa Mata Obai

Singer : Nanda Malini  | Lyrics : Chandra Mallawarachchi  | Music : H.M.jayawardhana















වාළුකා තලේ රැඳි දිය බිඳුව මට ඔබයි
සීත රැයේ දැවටෙන නිල් සළුව මට ඔබයි
අඳුරු කුටිය තුල දිදුලන එළිය මට ඔබයි
මගේ හදේ පොපියන මල් කැකුළ මට ඔබයි

ඔබේ නෙතු අගින් විහිදෙන කැළුම් විඳින්නම්
හදේ සුසුම් පහසින් මුළු ලොවම ලබන්නම්
ඈත දුර සිටන් සිහිනෙන් ඔබව දකින්නම්
ඔබේ සෙනෙහසින් නොමියෙන ලොවක රැ‍ඳෙන්නම්

වාළුකා තලේ......

හෙට දවසේ මම ඔබෙ අත රැගෙන හිඳින්නම්
ඔබෙ උණුසුම් තුරුලට වී රහස් කියන්නම්
අසරණ වූ ලොවට ඔබේ සරණ පතන්නම්
සංසාරේ ඔබ ඇසුරේ ළැගුම් සොයන්නම්

වාළුකා තලේ......

Singer : Nanda Malini
Lyrics : Chandra Mallawarachchi
Music : H.M.jayawardhana

Post Comment

No comments: