Social Icons

Sinhala Lyrics

Sudu Paravi Rana Se



 



සුදු පරවි රෑන සේ පියාසලා
පාසල නිම වී යොවුන් කුමරියන් 
පෙළින් පෙළට එයි
ඈ තාම නෑ .. ඈ තාම නෑ //

පොත් පත් අහුරා
මුදු ළැමට තුරුලු කරවා //
පිරුණු සදක් සේ මහද දිලේ //
යහලු යෙහෙළියන් අතරේ
ඈ තාම නෑ .. ඈ තාම නෑ

සුදු පරවි රෑන ...

මල් හිනා පිපී මුව මඩල පුරා රදවා //
මුතු අහුරක් සේ දසන් සලා //
ඉර හද දහසක් පරදා
ඈ තාම නෑ .. ඈ තාම නෑ

සුදු පරවි රෑන ...//



Song : Sudu Paravi Rana Se
Singer : Priya Sooriyasena
Lyrics : Sunil R. Gamage
Music :
HD Lyrics - සිංහල ගීත එකතුව

Post Comment