Social Icons

Sinhala Lyrics

Me Thani Yahane - Deepika Priyadarshani


 


මේ තනියහනේ නිදි නැති පාළු රාත්‍රියේ
මා සිතු දැහැනේ නොනිදන කවුරු හෝ හිදියි
පෙරදා පුරුදු සේ නොහඩා හැඩු නෙතින්
මේ තනියහනේ නිදි නැති පාළු රාත්‍රියේ

තාරකා දැලෙන් එහා ඒ අහිමි විජිතයේ
සිසිලසේ ගලා හැලෙන්නේ සුවද ආදරේ
පිදෙනා යොවුන් සිනා මල් සැගවෙනා පැයේ
සුසුමදෝ හඩා වැටෙන්නේ බිදුණු ස්නේහයේ

මේ තනියහනේ.........

නෑසෙනා හඩින් කියු ඒ පෙම් කතා අපේ
මේ සදයි මමයි අසන්නේ තනිව මේ රැයේ
කවුළුවෙන් බලා සිනාසී නිසල වී හදේ
කවුරුදෝ සෙමෙන් මැකී යයි කදුළකින් නෙතේ

මේ තනියහනේ.........

Title : Me Thani Yahane 
Singer : Deepika Priyadarshani
Lyrics : Kumaradasa Saputhanthri
Music : Rohana Weerasinghe

Post Comment

No comments: