Social Icons

Sinhala Lyrics

Pethum Vimaane Kirula Darannata - T.M.Jayarathna & Chandraleka (Lyrics)




පැතුම් විමානේ කිරුළ දරන්නට 
සෙනෙහෙ විලේ පිපි පියුම පුදා 
පෙරුම්පුරාගෙන සෙවනැල්ලක්සේ 
සිටියා මතකයි සසර පුරා 

පිවිතුරු සෙනෙහස බැතියෙන් පුදනෙමි 
ජීවිතයට හුරු පැතුම වෙලා 
කප්සුවහස්කල් පෙරුම්පුරා එමි 
සෙනෙහෙ පොදක් වී වඩින තුරා 

සුසුම් කුණාටූ සැඩ පහරක් වී 
ඔබවෙත එන මග මුවාවෙලා 
රුවන් සඳක්සේ දිදුලන සෙනෙහස 
කඳුළු වළාවට මුවාවෙලා 

මග වරදින්නට වැරදී යන්නට 
නොම දී අඳුරට එළිය වෙලා 
කඳුළු වලාවෙන් නැගිලා එන්නම් 
සෙනේහයේ රන් කඳක් වෙලා 

පැතුම් විමානේ.....
පිවිතුරු සෙනෙහස.....


Title : Pethum Vimaane Kirula Darannata 
Singer : T.M.Jayarathna & Chandraleka
Lyrics : Malani Jayarathna
Music : Rohana Weerasinghe

Post Comment

No comments: