Pages

Pages

Me Desa Mage Pinwanthayi | Hathara Denama Soorayo Film Song

 


මේ දෑස මගේ පින්වන්තයි තේරුණේ දැන් තමයි
රන් රූපෙ ඔබේ පෙම්වන්තයි තේරුණේ දැන් තමයි 
මේ දෑස මගේ පින්වන්තයි...

ළඟ දුනුකේ මලකී දුර මහනෙල් මලකී 
උඩවැඩියා මලකී මල් මැද මල් ළඳකී //

මේ දෑස මගේ....

රණ මයුරා වරලයි අඩ සඳවන් නළලයි 
නීල උපුල් දෙනෙතයි  නාරිලතා ගමනයි //

මේ දෑස මගේ....

හද බැදෙනා වයසේ පහන ලෙසේ නිවසේ 
ඔබ සැරදේ සුවසේ පතනෙමි මං එක් සේ //

මේ දෑස මගේ....

ගායනය : ‍H.R.ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකර 
සංගීතය : පී.එල්.ඒ.සෝමපාල 
චිත්‍රපටය : හතර දෙනාම සූරයෝ
අධ්‍යක්ෂණය : නීල් රූපසිංහ
රගපෑම් : ගාමිණි ෆොන්සේකා,විජය කුමාරතුංග,මාලනී ෆොන්සේකා

No comments:

Post a Comment