Social Icons

Sinhala Lyrics

Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina)


 


රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා… ආයු රඛ්ඛන්තු ආවඩා…

රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා
අගී ස්වර්ගයටත් වඩා...
චිරන් ජීවතු... චිරන් ජීවතු...
ආයු රඛ්ඛන්තු ආවඩා…..

පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා
සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා..
චිරන් ජීවතු... චිරන් ජීවතු...
ආයු රඛ්ඛන්තු ආවඩා…..

රට රකින ජීවිත රකින.....

Title : Ayu Rakkanthu Awada (Rata Rakina Jeewitha Rakina)
Singer : Unknown  
Lyrics : Unknown  
Music : Unknown

Post Comment

No comments: