Social Icons

Sinhala Lyrics

Duka Thadakaran - Senanayaka Weraliyadda


 


දුක තදකරන් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම්
අපි හමු උනත් ඉඳහිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුලට ඉතින් කතා කරගන්න පුළුවන්නන්
කියයි හඬ ගා ලොවට මතුදා ඔබට මං ආදරෙයි කියලා
දුක තද කරන් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම්

විටෙක ලන්වෙලා විටෙක වෙන්වෙලා ගෙවෙන අපෙ ආදරේ
කෙලවරක් සොයා තවම තැවෙනවා මැරි මැරී ජීවිතේ
කොහොම පිලිගන්නෙ මමනම් ඔබෙ දෑත අහිමි කියා
දුක තදකරන් මහ මෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම්

නොනිඳ රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පණ මගේ
නොදැක හිනැහෙන්නෙ කොහොමැයි...
කියා දෙන්න ඇවිදින් සොයා...

දුක තද කරන්......

Title : Duka Thadakaran
Singer : Senanayaka Weraliyadda
Lyrics : Sajith V Chathuranga
Music : Keshan Perera

Post Comment

No comments: