Social Icons

Sinhala Lyrics

Mey Bus Nawathuma - Punsiri Zoysa



මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවන බව දැන උන්නේ
ඔබ සමුගෙන බව මා තනිවුණු බව 
බස් නැවතුම තව නෑ දන්නේ

ඉස්සර හවසක මා එනතුරු ඔබ
මෙතැනම හිටියා දෙනෙත් අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම.....

ප්‍රේමය නිමවුණු මා අද තනියම
මෙතැනින් රියකට ගොඩ වෙනවා
ඒ රියහිම ඔබ තව කෙනෙකුන් ළඟ 
එකම අසුනෙ ඉඳගෙන යනවා

මේ බස් නැවතුම.....

Title : Mey Bus Nawathuma
Singer : Punsiri Zoysa
Lyrics : Chandradasa Fernando
Music : Asoka Peiris

Post Comment

No comments: