Social Icons

Sinhala Lyrics

Hamadema Labunu Oba Mata - Kingsly Peries



හැමදේම ලැබුනි ඔබ මට නොලැබුනේ කොහොමද
හැමදාම මෙහෙම විදවන්නට සිදුවෙනවාද
මහ රාත්‍රියේ වැටෙන කදුළු ඔබ දන්නවද
හෙට කියලා අළුත් දිනයක්‌ අපි දෙන්නට නැතිද

පොරොන්දුවක්‌ ඇත මා ලග මරණය තෙක්‌ තියපු
ආරක්‌ෂා කරගන්නමි පතිදම් ඔබ රැකපු  //
හැමදාමත් සුරකින්නමි විශ්වාසය තබපු
අරන් යන්න මන් වෙනුවෙන් හැමදෙයක්‌ම තිබුනු

හැමදේම ලැබුනු ........

අදුරු කුටියෙ සිතුවිලි ටික පොඩි කර කර හඩපු
රත්තරනේ වදන් කියමි මගේ දුක ඔබ නිවපු  //
කවදාවත් වෙනස්‌ නොවී තවමත් මග බලපු
හොදටම ඇති ඔය ඇස්‌ දෙක මන් වෙනුවෙන් අඩපු

හැමදේම ලැබුනු ........

Title : Hamadema Labunu Oba Mata
Singer : Kingsly Peries
Lyrics : 
Music : 

Post Comment

No comments: