Social Icons

Sinhala Lyrics

Pile Pahana Niwwa Mam - Sunil Edirisinghe



පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන
මං නිදි පැදුරේ... //

පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්න

පිලේ පහන නිව්වා........

කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්‌ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක

පිලේ පහන නිව්වා........ //

Title : Pile Pahana Niwwa Mam
Singer : Sunil Edirisinghe
Lyrics : Kumaradasa Saputhanthri
Music : Rohana Weerasinghe

Post Comment

No comments: