Social Icons

Sinhala Lyrics

Nidi Nethi Re Yame (Amme Oba Nisa Film Song)



නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා

ගී පොත මා සතු වේවී
ලොව ගී රජ දහනක් වේවී 
මී විත පිරි ඉතිරේවී
ඔබ ඒ මිහිරෙන් නැළවේවී
කනට කොඳුරා ඔබට කියනා
රහස ගීය තමා

නිදි නැති රෑ යාමේ.........

පාළුව ඈතක යාවී
සහනේ සැනසුම හිමි වේවි 
මේ ලෙස කාලය යාවී
අද රෑ ගත වී එළි වේවි
අද තිබෙනා හෙටද ලැබෙනා
සතුට ගීය තමා

නිදි නැති රෑ යාමේ..........

Title : Nidi Nethi Re Yame
Singer : H.R.Jothipala
Lyrics : Hemasiri Halpita
Music : Sarath de Alwis

Post Comment

No comments: