Social Icons

Sinhala Lyrics

Kambi Thappeta Hira Karagena Maa - Chamara Ranawaka



කම්බි තාප්පෙට හිර කරගෙන මා අහස දිහා බලමින් අම්මේ
මං කල වරද කියාපන් නුඹවත් හුළඟ දිගේ ඇවිදින් අම්මේ
මලහිරු බැස යන විට නිල් අහසේ නුවර පන්සලේ හඬ අම්මේ
බැතිය අරන් පෝලිමට දුවනවා වඳින්නෙ මහ රෑටයි අම්මේ

පරණ චීත්තෙට ඔළුව තියාගෙන පන් පැඳුරේ සුව පහස ලැබී
පුංචි කාලෙ ඉඳලම දුක් වින්දා කොස් ඇට වල රහ හොඳට දනී
අම්මට තනියෙම නුවර එන්න බෑ බෝගම්බර මහ සයුර වැනී
අම්මගෙ නම මම පපුවෙ කොටනවා ඉඳිකටු මිටියෙන් හැඩට ඇතී

කම්බි තාප්පෙට හිර කරගෙන මා.........

වාට්ටුවේ අය එකා වගේමයි පසු තැවි තැවි තනියෙම අඬලා
රජසිටු මැතිවරු ලෝකෙ දකින්නේ මෙතන ඇවිල්ලයි දුක දැකලා
තනිපංගලමේ මහ රෑ යාමේ නුඹ අඩනා හැටි මට මැවිලා
කම්බිකූරු වල ඔළුව ගහනවා පපුවේ ගින්දර මට දැනිලා

කම්බි තාප්පෙට හිර කරගෙන මා.........

Title : Kambi Thappeta Hira Karagena Maa 
Singer : Chamara Ranawaka
Lyrics : Chamara Ranawaka
Music : Chamara Ranawaka

Post Comment

No comments: